UPDATE


ලංකා බැංකු සේවක සංගමය 2026-2028 නිලකාලය වෙනුවෙන් ප්‍රථම මධ්‍යම කාරක සභාව රැස්වේ!

අභියෝගාත්මක නිල කාලයකට පළපුරුදු ශක්තිමත් නිලධාරී මඩුල්ලක් ඒකමතිකව තේරී පත් වෙයි !

ලංකා බැංකු සේවක සංගමය 2026-2028 ඉදිරි දෙවසරක නිලකාලය වෙනුවෙන් පවත්වනු ලැබූ ප්‍රථම මධ්‍යම කාරක සභා රැස්වීම අද (11) දින කොළඹ එල්ෆින්ස්ටන් ශාලා පරිශ්‍රයේදී අභිමානවත් අයුරින් පැවැත්විණ. දිවයින පුරා ශාඛා සංගම් නියෝජනය කරමින් මධ්‍යම කාරක සභිකයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

එහිදී සංගමයේ ව්‍යවස්ථාවට අනුව ප්‍රජාතන්ත්‍රවාදීව මව් සංගමයේ නිලධාරී මණ්ඩලය සහ විධායක සභිකයින් තෝරා පත් කර ගැනීම සිදු විය.

ඒ අනුව 2026-2028 නිලකාලය සදහා පත්වූ අභිනව නිලධාරී මණ්ඩලය මෙසේය.

සභාපති,
චන්න දිසානායක සහෝදරයා ( ලංකා බැංකුව )

ප්‍රධාන ලේකම් ,
රන්ජන් සේනානායක සහෝදරයා ( මහජන බැංකුව )

භාණ්ඩාගාරික ,
දිලීප හෙට්ටිආරච්චි සහෝදරයා ( හැටන් නැෂනල් බැංකුව )

ජ්‍යේෂ්ඨ උප සභාපති,
අනූප නන්දුල සහෝදරයා (කොමර්ෂල් බැංකුව )

ජ්‍යේෂ්ඨ උප ලේකම්,
ශාන්ත විපුලසේන සහෝදරයා (ප්‍රාදේශීය සංවර්ධන බැංකුව )

උප භාණ්ඩාගාරික,
ඩී.බී කාර්තික් සහෝදරයා (ලංකා බැංකුව)

උප සභාපතිවරුන්.
01) ධනුෂ්ක කුමාරසිංහ සහෝදරයා (සණස සංවර්ධන බැංකුව )
02) ප්‍රසන්න පෙරේරා සහෝදරයා.. (ප්‍රාදේශීය සංවර්ධන බැංකුව)
03) එල්.කේ. ඩබ්. සූරියබණ්ඩාර සහෝදරයා (මහජන බැංකුව)

උප ලේකම්වරුන්,

1) දිනේෂ් සේනානායක සහෝදරයා (HDFC බැංකුව)
2) ලක්මාල් වික්‍රමසිංහ සහෝදරයා (ජාතික ඉතිරිකිරීමේ බැංකුව)
3) අරවින්ද ඒකනායක සහෝදරයා (මහජන බැංකුව)
4) අනුරාද නිරාජ් සහෝදරයා (ලංකා බැංකුව)
5) ලංකා ප්‍රනාන්දු සහෝදරයා (සෙලාන් බැංකුව)
6) සරත් බන්ඩාර සහෝදරයා (රාජ්‍ය උකස් හා අයෝජන බැංකුව)

නිලධාරී මණ්ඩලය තෝරා පත්කර ගැනීමෙන් අනතුරුව සියලු ශාකා සංගම් නියෝජනය කරමින් විදායක සභිකයින් ද පත් කරගත් අතර ඉන් පසු නව ප්‍රධාන ලේකම්, රන්ජන් සේනානායක සහෝදරයා විසින් වත්මන් අභියෝග හා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කරමින් සභාව ආමන්ත්‍රණය කරන ලදී.

එහිදී පසුගිය නිල කාලය තුළ සංගමය මුහුණ දුන් අභියෝග හා එම අභියෝගාත්මක කාලය තුල සංගමය විසින් අත්පත් කරගත් ජයග්‍රහණ පිලිබඳවත් සංගමයට ඉදිරියේදී මුහුණදීමට සිදුවන අභියෝග ජයග්‍රහණය කිරීම වෙනුවෙන් සංගමයේ මධ්‍යමකාරකසභිකයින්ගේ වගකීම පිලිබදවත් එහිදී සංගමයක් ලෙස අප සැලසුම් සහගතව හා සබුද්ධිකව කටයුතු කලයුතු ආකාරයත් පිලිබදව අදහස් දක්වන ලදී.

ඉන් අනතුරුව රටක් වශයෙන් මේ වනවිට මුහුන දෙමින් පවතින ආර්ථික හා දේශපාලනික අර්බුද හමුවේ සංගමයට මුහුනදීමට සිදුවන ඉදිරි අභියෝග පිලිබදවත් එම අභියෝග හමුවේ සංගමයේ අනාගත හැසිරීම කෙසේ විය යුතුද යන්නත් පිලිබදව හරවත් හා කාලීන දේශනයක් සංගමයේ සභාපති චන්න දිසානායක සහෝදරයා විසින් සිදු කරන ලදී.

එසේම 25000 කට ආසන්න බැංකු සේවකයින්ට නායකත්වය ලබාදෙන ලංකා බැංකු සේවක සංගමයේ මධ්‍යම කාරක සභිකයින්ගේ උර මත ඇති වගකීම පිලිබඳවත් ඉදිරියේදී සංගමයේ සාමූහික ශක්තිය තවදුරටත් වර්ධනය කිරීමේ සංගමයේ සැලසුම් පිළිබඳවත් ,සංගමයට එල්ලවන අභියෝග පරාජය කිරීමේ සැලසුම් පිළිබඳවත් පැමිණ සිටි පිරිස දැනුවත් කිරීමට සභාපති සහෝදරයා කටයුතු කරන ලදී.

ඉන්පසු ලංකා බැංකු ශාඛාවේ සභාපති ධනංජය සිරිවර්ධන සහෝදරයා හා මහජන බැංකු ශාකා සංගමයේ සභාපති මොහමඩ් රුවයිස් සහෝදරයා අපගේ ඉදිරි කාර්‍ය භාරය පිළිබඳව අදහස් දක්වන ලදී.

ඉන් අනතුරුව 2026-2028 නිල කාලයට අදාල ප්‍රථම මධ්‍යම කාරක සභාවේ වැඩකටයුතු අවසන් කෙරිණ.

ලංකා බැංකු සේවක සංගමයට ජයවේවා !

ලංකා බැංකු සේවක සංගමය
2026.02.11


@ Ceylon Bank Employees Union.

Solution by TekGeeks