UPDATE


2024 ශිෂ්‍යත්ව ප්‍රදාන හා විශ්‍රාම උපහාර උළෙල

" දරුවන්ගේ ජයග්‍රහණයට ඇගයීමක් – ජ්‍යෙෂ්ඨයන්ගේ සේවයට උපහාරයක්"

2024 ශිෂ්‍යත්ව ප්‍රදාන හා විශ්‍රාම උපහාර උළෙල

ලංකා බැංකු සේවක සංගමයේ සාමාජික සාමාජිකාවන්ගේ දූ දරුවන් වෙනුවෙන් 2024 වර්ෂයට අදාළ ශිෂ්‍යත්ව ප්‍රදානය සහ එම වසර තුළ බැංකු සේවයෙන් විශ්‍රාම ලැබූ සාමාජික සාමාජිකාවන් වෙත උපහාර පිදීමේ උළෙල 2026 ජූනි මස 07 වන දින කොළඹ මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

මෙහිදී,

???? 2024 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන් 292 දෙනෙකු,
???? අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සමත් දරුවන් 113 දෙනෙකු,
???? අ.පො.ස. උසස් පෙළ විභාගය සමත් දරුවන් 77 දෙනෙකු,

ඇතුළුව සමස්ත ශිෂ්‍යත්වලාභී දූ දරුවන් 482 දෙනෙකු ඇගයීමට ලක්කර ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදී. එමෙන්ම 2024 වර්ෂයේ බැංකු සේවයෙන් විශ්‍රාම ලැබූ ලංකා බැංකු සේවක සංගමයේ සාමාජික සාමාජිකාවන් 100 දෙනෙකු වෙත විශ්‍රාම උපහාර පිදීමද මෙම අවස්ථාවේදී සිදු කෙරිණි. සිය ජීවිතයේ වටිනාම කාලය බැංකු පද්ධතියේ උන්නතිය වෙනුවෙන් කැප කළ ජ්‍යෙෂ්ඨ සහෝදර සහෝදරියන්ගේ සේවය අගයමින්, අනාගතය ජයගන්නා දරුවන්ගේ අධ්‍යාපන ජයග්‍රහණ ඇගයීමේ මෙම උළෙල සංගමයේ සමාජ වගකීම හා සාමාජික සුබසාධනය වෙනුවෙන් ගනු ලබන තවත් සුවිශේෂී පියවරක් විය.

සම්මානිත මහාචාර්ය රවි දිසානායක මහතා විසින් මෙම ශිෂ්‍යත්ව උළෙලේ ප්‍රධාන ආරාධිත දේශනය සිදු කරන ලදී. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ කලාකරු ප්‍රියන්ත සෙනෙවිරත්න මහතා විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගී වූ අතර, ලංකා බැංකු සේවක සංගමයේ මව් සංගමයේ හා ශාඛා සංගම්වල නිලධාරී මණ්ඩල සභිකයින් රැසක්ද සහභාගී වූහ.

https://www.facebook.com/share/p/17pFXzk4U4/
https://www.facebook.com/share/p/1AwVpYiYK8/
https://www.facebook.com/share/p/1EaSfWdDuQ/

ලංකා බැංකු සේවක සංගමය
2026.06.07


@ Ceylon Bank Employees Union.

Solution by TekGeeks