UPDATE


මලයාසියානු ජාතික බැංකු සේවක සංගමයේ 68 වන සංවත්සරය මලයාසියාවේ පෝට් ඩික්සන්හිදී

මලයාසියානු ජාතික බැංකු සේවක සංගමයේ 68 වන සංවත්සරය හා 26 වන ත්‍රෛවාර්ශික නියෝජිත සම්මේලනය 2026 අගෝස්තු මස 14-16 දිනයන්හිදී මලයාසියාවේ පෝට් ඩික්සන්හිදී අභිමානවත් අයුරින් පවත්වන ලදී.

මෙම නියෝජිත සම්මේලනයට මලයාසියානු බැංකු සේවක සංගමයේ සාමාජිකයන් මෙන්ම ආසියානු රටවල් 10 ක් නියෝජනය කරමින් වෘත්තීය සමිති නියෝජිතයන්ද සහභාගීවිය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක සහෝදරයා සහ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක සහෝදරයා ඇතුළු නියෝජිතයින් පිරිසක් සහභාගී විය.

# Challenges and the future of Trade Unions in a Changing World.

# Low Wages High Profits and rising inequity in Malyasia : Who is Responsible?

යන තේමාවන් ඔස්සේ,

ජාත්‍යන්තර කම්කරු සංවිධානය(ILO) නියෝජනය කරනු ලැබූ නියෝජිතයින්, ජාත්‍යන්තර වෘත්තීයසමිති සම්මේලනයේ (ITUC) නියෝජිතයන් සහ සමස්ත ඉන්දියානු බැංකුසේවක සම්මේලනයේ ප්‍රධාන ලේකම් C.H. වෙන්කටචාලම් සහෝදරයා වැනි ජාත්‍යන්තර වශයෙන් වෘත්තීයසමිති අත්දැකීම් සහිත නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් විද්වත් කතිකාවන් දෙකක් සිදුකරන ලදී.

ඉතාම සංවාදශීලී ලෙස ගොඩනැගුණු මෙම කතිකාවන් දෙක තුලින් ඉතා පුලුල් වපසරියක අත්දැකීම හා දැනුම එකිනෙකා අතර හුවමාරුවීම සිදුවිය.

මෙහිදී සහභාගීවූ දෙස් විදෙස් රටවල වෘත්තීය සමිති නියෝජිතයින් හා අප සංගමයේ නියෝජිතයින් සමඟ පැවති ද්වීපාර්ශවික සහ බහුපාර්ශවික සාකච්ඡා තුලින් වෘත්තීයසමිති ලෙස ඉදිරියේදී මුහුණදීමට සිදුවියහැකි අභියෝගයන් ජයගැනීම සදහා ඒ ඒ රටවල අත් දැකීම් හා ගෝලීය වශයෙන් ඇතිවී ඇති බලපෑම් පිලිබදව අවධානය යොමු කරන ලදී . එසේම ඒ වෙනුවෙන් කටයුතු කලහැකි ලෝක කම්කරු ව්‍යාපාරයක් ගොඩනැගීමේ නව පරිච්චේදයක ඇරඹුමක් විවෘත වීම මෙම සම්මේලනය තුල සිදුවූ වැදගත් සිදු වීමක් ලෙස සැලකිය හැක. මෙම සමස්ත වැඩ සටහන National union of bank employees (NUBE) විසින් ඉතා සාර්ථකව සංවිධානය කර තිබූ අතර ඒ පිලිබදව අපගේ සහෝදරාත්මක ස්තුතියද ඔවුන් වෙත පිරි නමමු. https://www.facebook.com/share/p/1HULgNoRsV/


@ Ceylon Bank Employees Union.

Solution by TekGeeks