රාජ්‍ය බැංකු පද්ධතිය තුළ මතු වී ඇති අර්බුද සම්බන්ධව ලංකා බැංකු සේවක සංගමය ලෙස ද ප්‍රධාන රාජ්‍ය බැංකු ත්‍රිත්වය තුළ දිරි දීමනා හා ප්‍රසාද දීමනා සම්බන්ධව පැන නැගී ඇති ගැටලුව පිළිබඳව රාජ්‍ය බැංකු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ලෙස ද ජුනි 05 දින සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අරඹන ලදී.
එහි එක් පියවරක් ලෙස ජුනි 12 දින ලංකා බැංකු සේවක සංගමය ද, ජුනි 19 දින රාජ්‍ය බැංකු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් ගරු ජනාධිපතිවරයා වෙත සංදේශයක් බාර දෙන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස ජුනි 24 දින එනම් ඊයේ දින පෙ. ව. 11.00 ට ජනාධිපති ලේකම්තුමා සමග සාකච්ඡාවක් ලබාදුන් අතර ඒ සඳහා රාජ්‍ය බැංකු ඒකාබද්ධ සන්ධානයේ නියෝජිතයින් හා ලංකා බැංකු සේවක සංගමයේ රාජ්‍ය බැංකු ශාඛා සංගම් නියෝජිතයින් සහභාගී විය.
එහිදී සාකච්ඡාවට ලක් වූ කරුණු පහත පරිදි වේ.
01 .) ශ්‍රී ලංකා මහ බැංකු සීමා කිරීම් හමුවේ HDFC බැංකුවේ අනාගතය.
02.) ප්‍රධාන රාජ්‍ය බැංකු ත්‍රිත්වය වන ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරිකිරීමේ බැංකුවට අදාළව වාර්ෂික ප්‍රසාද දීමනා හා දිරිදීමනා සම්බන්ධව මතු වී ඇති ගැටලුව.
03.) රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව (SMIB ) ඒකාබද්ධ කිරීම.
04.) ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ පැන නැගී ඇති ගැටලු
05.) ශ්‍රී ලංකා මහ බංකු ක්‍රියාකලාපය හේතුවෙන් මතු වී ඇති ගැටලු.
06.) පසුගිය 2024-2026 සාමුහික ගිවිසුම්වලට එළඹීමේ දී එවකට මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රථම වතාවට ප්‍රමුඛ කාර්ය සාධන දර්ශකය (KPI) මත දීමනාවක් හඳුන්වා දුන් අතර එය 2025 ජනවාරි සිට යාවත්කාලීන විය යුතු වුව ද මෙතෙක් KPI කටයුත්ත ද සිදුව නොමැතිවීම.
ඉහත කරුණු සියල්ල පිළිබඳව සහභාගී වූ නායක සහෝදරවරුන් (සියලු සංගම් නියෝජනය වන පරිදි) පැය 1½ කට ආසන්න කාලයක් දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළ අතර ජනාධිපති ලේකම්තුමා ඇතුළු සහභාගී වූ ජනාධිපති කාර්යාල නිලධාරීන් සාවධානව සවන් දෙන ලදී.
එසේම මෙම සියලු ගැටලු පිළිබඳව ජනාධිපති ලේකම්තුමා විසින් වරින් වර විමසුම් කර කරුණු පැහැදිලි කිරීම් ද ලබාගන්නා ලදී.
එසේම මෙම ගැටලු විසඳාලීම සඳහා සංගම් පාර්ශවයෙන් ඉදිරිපත් කරනු ලබන යෝජනා ද විමසා සිටින ලදී. එසේම ඒ ඒ ගැටලු පිළිබඳව වෙන් වෙන් වශයෙන් ගෙන විසඳුම් ලබාදීමට කටයුතු කරන බව ද, අවසන් වශයෙන් මෙම තත්වයන් ජනාධිපතිතුමාගේ අවධානයට යොමුකර සුදුසු විසඳුම් ලබාදෙන බව ද ප්‍රකාශ කර සිටින ලදී.
කෙසේ වුව ද මෙම අර්බුද සාකච්ඡා මාර්ගයෙන් නොවිසඳේ නම් ඉදිරි ක්‍රියාමාර්ග දියත් කිරීම සඳහා ජූලි 01 සිට සැලසුම් සකස් කර ඇති අතර එහි මීළඟ පියවරක් ලෙස ලංකා බැංකු සේවක සංගමය ජුනි 26 දින සංගමයේ මධ්‍යම කාරක සභාව කැඳවා ඇත. අනෙකුත් සියලු සංගම් ද තම නිල මණ්ඩල රැස්කර අවශ්‍ය තීන්දු තීරණ ගනු ඇත.
අප සාකච්ඡාමය ප්‍රවේශය ධනාත්මකව දකින අතරම වෘත්තීය සංගම් ලෙස අවශ්‍ය වුවහොත් ඉදිරි පියවර ගැනීම සඳහා අවශ්‍ය සැලසුම් ද ඉදිරියට ගෙන යනු ඇත.
ලංකා බැංකු සේවක සංගමය
2025.06.25
@ Ceylon Bank Employees Union.
Solution by TekGeeks