UNI ගෝලීය වෘත්තීය සමිති සංවිධානයේ ආසියා ශාන්තිකර කලාපීය වෘත්තිකයන්ගේ සහ කළමණාකරුවන්ගේ 5 වන සමුළුවට සමගාමීව UNI Sri Lanka Affiliates Council මඟින් සංවිධානය කරන ලද වෘත්තියවේදීන්ගේ සැසිය පසුගිය 25 වනදා ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ ආයතනයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් UNI ගෝලීය වෘත්තීය සමිති සංවිධානයේ වෘත්තිකයන්ගේ සහ කළමණාකරුවන්ගේ සංසදයේ සභාපති ආචාර්‍ය ඩැනියල් වල්ටකාරි මහතා සහභාගීවූ අතර සෙසු ආරාධිතයින් වශයෙන් UNI Global හි ආසියා ශාන්තිකර කලාපීය ලේකම් රාජේන්ද්‍ර ආචාරියා මහතා සහ UNI Global හි ආසියා ශාන්තිකර කලාපීය මූල්‍ය අංශයේ අධ්‍යක්ෂ ජයශ්‍රී ප්‍රියලාල් මහතා සහභාගී වූහ.
එසේම දේශීය වෘත්තිකයන් නියෝජනය කරමින්,
ලංකා බැංකු සේවක සංගමය , රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ ආයතනය, දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය, මහ බැංකු විධායක නිළධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනය, රජයේ පවුල් සෞඛ්‍යසේවා සංගමය සහ තොරතුරු තාක්ෂණ වෘත්තික නියෝජිතයින් සහභාගීවූහ.
මෙම සැසියේදී ගෝලීය වශයෙන් මෙන්ම දේශීය වශයෙනුත් වෘත්තිකයන් සහ කළමණාකරුවන් මුහුණදෙනු ලබන අභියෝගත් එම අභියෝග ජයගැනීමට වෘත්තිකයන් එක්සත්ව එක් පෙරමුණක් ලෙස කටයුතු කළයුතු ආකාරයත් දීර්ඝව සාකච්ඡා කරන ලදී.
ලංකා බැංකු සේවක සංගමය
2026.08.31
https://www.facebook.com/share/p/18PGd1SLVW/
@ Ceylon Bank Employees Union.
Solution by TekGeeks