ලංකා බැංකු සේවක සංගමය ඩිජිටල්කරණයේ පෙරලිකාර පියවරක් ඉදිරියට තබමින් සාමාජික යෙදවුමක් (Mobile App) හා නව මධ්‍යගත පරිගණක පද්ධතියක් හදුන්වාදීමේ ඓතිහාසික සමාරම්භක උත්සවය 2025 සැප්තැම්බර් 03 දින කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ පරිශ්‍රයේ දී අභිමානවත් අයුරින් පැවැත්වින.
දකුණු ආසියානු කලාපයේ වෘත්තීය සමිතියක් විසින් හඳුන්වාදෙනු ලබන ප්‍රථම සාමාජික යෙදවුම මෙය වීම ලංකා බැංකු සේවක සංගමය ලද සුවිශේෂී ජයග්‍රහණයක් මෙන්ම ශ්‍රී ලාංකීය වෘත්තීය සමිති වංශ කතාවේ ඓතිහාසික සංධිස්ථානයක් සලකුණු කරන්නකි.
සාමාජීය, පාරිසරික හා ආර්ථික තිරසර භාවය අරමුණු කරගනිමින් දියත් කරන ලද මෙම සාමාජික යෙදුම හරහා ලංකා බැංකු සේවක සංගමයේ සාමාජික සාමාජිකාවන්ට සංගමය සමඟ වඩාත් සමීපව කටයුතු කිරීමේ අවස්ථාව උදා වේ.
සාමාජිකයින්ගේ පෞද්ගලික හා රාජකාරි තොරතුරු යාවත්කාලීන කිරීම, සුබසාධන ප්‍රතිලාභ අයැදුම් කිරීම හා ලංකා බැංකු සේවක සංගමයේ සමාජිකයෙකු වීම හේතුවෙන්ම ඔවුන්ට හිමිවන ප්‍රතිලාභ සම්බන්ධයෙන් දැනුවත්වීමද මෙම සාමාජික යෙදුම හරහා සිදුකළ හැක.
සංගමයේ නව මධ්‍යගත පරිගණක පද්ධතිය මඟින් සාමාජික තොරතුරු වඩාත් කාර්යක්‍ෂමව කළමනාකරණය කිරීමට හැකිවන අතර මූල්‍ය කළමනාකරණය ද වඩාත් පහසු වනු ඇත.
සංගමයේ මෙම ඓතිහාසික පියවර උදෙසා සංගමය මෙහෙයවූ ලංකා බැංකු සේවක සංගමයේ නිලධාරී මණ්ඩලය, එම ජයග්‍රහණය අත්පත් කරගැනීමට අවශ්‍ය ශක්තිය එක් කරමින් කටයුතු කල ශාඛා සංගම් නිලධාරී මණ්ඩල සහෝදර සහෝදරියන් මෙන්ම , සාමාජික බැංකු නියෝජනය කරමින් පැමිණි මානව සම්පත් අංශ ප්‍රධානීන් ඇතුලු කලමනාකාරීත්වයේ නියෝජිතයින්, සංගමයේ අභිමානවත් සාමාජිකත්වය වෙත හදුන්වාදෙනු ලබන මෙම නව සාමාජික යෙදවුම හරහා විශේෂිත වූ සේවා සැපයීමට සංගමය සමග ගිවිසුම් ගතවෙමින් අප සමග අත්වැල් බැදගත් සමාගම් නියෝජිතයින් හා අප සංගමය වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ ඓතිහාසික පියවරක් තබන මොහොතේදී සහෝදරාත්මක සුභාශිංසන එක් කිරීමට එක් රොක් වුනු සහෝදර වෘත්තීය සමිති නියෝජිතයින් ද මෙම ඓතිහාසික පියවර යථාර්ථයක් බවට පත් කිරීමට උරදුන් සංගමයේ කාර්ය මණ්ඩලය මෙන්ම මෘදුකාංගය නිෂ්පාදය කරන ලද සමාගමේ නියෝජිතයන් ද මෙම අවස්ථාවට සහභාගී විය.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට 2012 වසරේදී වෘත්තීය සමිති ක්ෂේත්‍රයට සාමාජික වරප්‍රසාද කාඩ්පතක් හඳුන්වා දීමට මූලික වූ සහොදරවරුන් කිහිප දෙනා අතරින් විශ්‍රාමික මහින්ද ජයවීර සහෝදරයා විසින් විශේෂ දේශනයක් පැවැත්වූ අතර එදා 2012 වසරේදීද වරප්‍රසාද කාඩ්පත හඳුන්වාදීම සිදු වූයේද ග්‍රැන්ඩ් ඔරියන්ටල් හෝටල් පරිශ්‍රයේදී වීම සංගම් ඉතිහාසයට සුවිශේෂි මතක සටහනක් එක් කරන කරුණක් වේ.
වෘත්තීය සමිතියක් වශයෙන් අප සංගමය තැබූ මෙම ඓතිහාසික පියවර පිලිබදව ජාත්‍යන්තර වෘත්තීය සමිති වල අවධානය මෙන්ම පැසසුමද අප සංගමය වෙත එක්කිරීමද මෙහිදී සිදුවිය.
ඒ අනුව ජාත්‍යන්තර සංවිධාන නියෝජනය කරමින් UNI Global , සමස්ත ඉන්දියානු බැංකු සේවක සංගමය , ලෝක වෘතීය සමිති සම්මේලනය සහ මැලේසියානු බැංකු සේවක සංගමයේ නියෝජිතයින් විසින් අප සංගමයේ ඓතිහාසික ජයග්‍රහණයට සුබපැතුම් එක් කරන ලදී.
@ Ceylon Bank Employees Union.
Solution by TekGeeks