රාජ්‍ය බැංකු පද්ධතිය තුළ නොවිසඳී ඇති අර්බුද මෙන්ම ලංකා බැංකු පනත සංශෝධනය සමබන්ධයෙන් හා අනෙකුත් රාජ්‍ය බැංකු පනත් සංශෝධනයන් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග පිලිබඳව තීන්දු තීරණ ගැනීමට ලංකා බැංකු සේවක සංගමයේ විධායක සභාව (10) දිනයේදී රැස්කෙරින. ලංකා බැංකු සේවක සංගමයේ මරදාන මව් සංගම් කාර්යාලයේදී පවත්වන ලද මෙම විධායක සභාවේදී. ශාඛා සංගම් නියෝජනය කරමින් පැමිණි විධායක සභිකයින් බොහෝ පිරිසක් අදහස් දක්වන ලදී.
වත්මන් තත්වයද සමාලෝචනය කරමින් නිලධාරී මණ්ඩලය සමඟ ඉදිරි ක්‍රියාමාර්ග පෙළගස්වන ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරුනු අතර ආණ්ඩුව පාර්ශවයෙන් පවත්නා එකඟතාවයන් සමබන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිලිබඳවද සාකච්ඡා කරන ලදී. එමෙන්ම රාජ්‍ය බැංකු ඒකාබද්ධ සංධානයේ තීරණයන්ද විධායක සභාවට දැනුම් දීම මෙහිදී සිදු කෙරින.
රාජ්‍ය බැංකු වල පවත්නා ගැටලු සම්බන්ධව ඊයේ (09) දින මුදල් අමාත්‍යාංශ ලේකමි වරයා සමග පැවැති සාකචිචාවෙිදී ඇතිකරගත් එකගතාවයන් සලකා බලා අද දින සහ 13 වන දින පැවැත්වීමට නියමිතව තිබු පන්දම් උද්ඝෝෂණ පැවැත්වීම තාවකාලිකව අත්හිටුවන ලදී. එසේම ඉදිරි වෘත්තිය ක්‍රියාමාර්ග පිලිබඳව ඔක්තෝබර් 13 දින සන්ධානයේ ඒකාබද්ධ කමිටු රැස්වීමේදී ලංකා බැංකු සේවක සංගමය ලෙස ගතයුතු ස්ථාවරය පිලිබඳව ද තීරණය කෙරැනි.
එසේම පෞද්ගලික බැංකු වල වර්තමානයේ පවතින ගැටලු සමිබන්ධවද වැදගත් තීන්දු තීරන බොහොමයක් ගනු ලැබිනු අතර HSBC බැංකුවෙි ව්‍යාපාර කටයුතු වලින් කොටසක් විකිනීම සහ ඒ තුලින් එහි සේවක මන්ඩලයට සිදුවිය හැකි බලපෑම පිලිබදවද දීර්ඝව සාකචිචා වු අතර ඒ සදහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ගද තීරනය කරන ලදී.
තවද ඉන්දියානු රාජ්‍ය බැංකුවෙි සාමුහික ගිවිසුම මෙි වන තෙක් ක්‍රියාත්මක නොකිරීම සමිබන්ධව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ගද තීරනය විය.
ලංකා බැංකු සේවක සංගමයට ජය වේවා !
ලංකා බැංකු සේවක සංගමය
2025.10.10
@ Ceylon Bank Employees Union.
Solution by TekGeeks