UPDATE


" දීට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන්ට සහන සැලසෙන සමාජ සත්කාරක වැඩසටහන.*

ශ්‍රී ලංකාවට පසුගිය දිනවල බලපෑ දීට්වා සුළි කුණාටුව හේතුවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන්, සහන සැලසීමේ සමාජ සත්කාර වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් ලෙස පුත්තලම දිස්ත්‍රික්කයේ කල්දේරම් කට්ටුව " මුතු පංතියේ කණිටු විදුහල" ප්‍රතිසංස්කරණය කිරීමේ සමාජ සත්කාරක වැඩසටහන 2025 දෙසැම්බර් 23 දින දවස පුරා එම පාසැල් භූමියේදී පැවැත්විණි.

ඒ සඳහා ලංකා බැංකු සේවක සංගමයේ (CBEU) නිලධාරී මණ්ඩලය, ශාකා ශාඛා සංගම් නායකයින්, සමඟ පුත්තලම දිස්ත්‍රික් සංවිධානයේ නිලධාරීන් හා සාමාජිකයන් ගේ ශ්‍රම දායකත්වයත් , පාසලේ ගුරුවරු හා දෙමාපියන් සහභාගිත්වයෙනුත් සිදුවිය අසරණත්වයට පත් පාසල් සිසුන් 77 දෙනෙකුට

# පාසල් පොත්
# බෑග්
# පාවහන් ඇතුළු

පරිගණක 10ක්, රූපවාහිනියක්, ප්‍රොජෙක්ටරයක් හා ශබ්ද විකාශන යන්ත්‍රයක් හා ඡායා පිටපත් යන්ත්‍රයක් පරිත්‍යාග කරනු ලැබීය.එයට අමතරව,ගංවතුරෙන් හානියට පත් සියලු ගොඩනැගිලි හා ඩෙස්පුටු පින්තාරු කිරීම සිදු කරමින් පාසල නව ජීවයක් ලබා දෙන ලදී.

මෙම සත්කාරය සඳහා මූලදායකත්වය CBEU සහන හා ආපදා අරමුදල විසින් ලබා දුන් අතර,අවශ්‍ය පහසුකම් සැපයූ

???? ලංකා බැංකුව,
???? මහජන බැංකුව,
???? ග්‍රාමීය සංවර්ධන බැංකුවෙහි කළමනාකාරීත්වයටත්,

විශේෂයෙන් ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ප්‍රදේශ සාමාන්‍යාධිකාරීතුමාට, දිස්ත්‍රික් කළමනාකාර තුමියට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු. එසේම මෙම සත්කාරය සදහා විශේෂ සහයෝගයක් ලබා දුන් මොරටුව විශ්ව විද්‍යාලයේ හිටපු කතිකාචාර්‍ය මුතුපන්තිය ප්‍රදේශවාසී නලීන් මහතාටද විශේෂ ස්තූතියක් පිරිනමමු..

ලංකා බැංකු සේවක සංගමය
2025.12.26


@ Ceylon Bank Employees Union.

Solution by TekGeeks