UPDATE


ලංකා බැංකු සේවක සංගමයේ 2026 -2028 නිල කාලයට අදාල ප්‍රථම විධායක සභාව රැස්වේ !

නව නිල කාලයට අදාල ප්‍රථම විධායක සභා රැස්වීම 2026/03/06 දින මරදාන ලංකා බැංකු සේවක සංගමයේ මව් සංගම් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම විධායක සභා රැස්වීමට සියලුම ශාඛා සංගම් නියෝජනය කරමින් අලුතින් විධායක සභාවට පත්වූ සහෝදර සහෝදරියන් ඇතුළු විධායක සභිකයින් රාශියක් සහභාගී වූහ.

මෙවර විධායක සභා රැස්වීමේදී,

● 2026-2028 නිල කාලයට අදාල ශාබා නියෝජිත නිලවරණයේ නිලවරණ නීතිරීති තීරණය කිරිම,
● රාජ්‍ය බැංකු පද්ධතිය තුළ මතු වී ඇති නොවිසඳුන අර්බුද සම්බන්ධව දියත් කර ඇති ක්‍රියාමාර්ගයන්හි වත්මන් තත්වය හා ඉදිරි පියවර තීරණය කිරීම,
● 1996 න් පසු සේවයට බඳවාගත් බැංකු සේවකයන්ගේ විශ්‍රාම වැටුප් ගැටළුව නිරාකරණය සඳහා දියත් කර ඇති වැඩ පිළිවෙළ හා ඉදිර පියවර සාකච්ඡා කිරීම,
● 2024-2026 රාජ්‍ය හා පෞද්ගලික බැංකු සාමුහික ගිවිසුම් පිළිබඳ වත්මන් තත්වය පිළිබඳව පැහැදිලි කිරීම,
● රාජ්‍ය බැංකු ඇතුළු මහජන දේපළ විකිණීම, අසාධාරණ බදු පැනවීම, කම්කරු නීති කප්පාදුව හා සමිමත කර ඇති අහිතකර විවිධ අණපනත් මෙන්ම පොදුවේ වැඩ කරන පන්තියට බලපානු ලබන කරුණු සම්බන්ධව වත්මන් තත්වය හා ඉදිරි ක්‍රියාමාර්ග තීන්දු කිරීම, සිදුවිය. විශේෂයෙන් ලංකා බැංකු පනත සහ මහජන බැංකු පනත සංශෝධනය තුළින් රාජ්‍ය බැංකු පුද්ගලීකරණයට පාර කැපීමත්,

මහ බැංකුව මඟින් HDFC බැංකුවේ සහ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ ව්‍යාපාර කටයුතු සීමා කිරීම තුළ එම බැංකු ස්වාභාවික මරණයක් කරා ගෙනයාමට තැත් කිරීම පිළිබඳවත් මෙහිදී දැඩි අවදානයක් යොමු විය. එසේම ඉන්දියන් බැංකුවේ සහ ඉන්දියානු රාජ්‍ය බැංකුවේ සාමූහික ගිවිසුම් අත්සන් කිරීමේ ප්‍රමාදය හා SDB බැංකුවේ වෘත්තීය සමිති මර්දනය පිළිබඳව සහ ඊට අදාල ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවද සලකා බලන ලදී.

තවද සංගමයේ දිස්ත්‍රික් සංවිධාන පිහිටුවීමේ ක්‍රියාවලියට සමගාමීව වර්තමානයේ පැනනැගී ඇති සමස්ත තත්තවයන්ට මුහුණදීමට අවශ්‍ය සංවිධාන ශක්තිය තරකිරීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීමටද තීරණය විය. මෙම විධායක සභාවේදී මව් සංගම් නිළධාරී මණ්ඩල සාමාජිකයින් සහ ශාඛා සංගම් නියෝජනය කරමින් පැමිණි විධායක සභිකයින් බොහෝ පිරිසක් අදහස් දක්වන ලදී.

දිගින් දිගටම රජය මෙම ගැටළු නොවිසඳමින් සහ බැංකු සේවක අයිතිවාසිකම් කප්පාදුකරමින් කල්මරන තත්තවය තුළ සාධාරණ කාල සීමාවක් තුළ විසඳුම් නොලදහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට එළඹිය යුතු බවට විධායක සභාව ඒකමතිකව තීන්දු කරන ලදී.

ලංකා බැංකු සේවක සංගමය
2026/03/09


@ Ceylon Bank Employees Union.

Solution by TekGeeks