GALLERY


Our Events, Activities...


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් HDFC බැංකුව වෙත අහේතුක සහ අසාධාරණ ලෙස සීමා කිරීම් පැනවීම

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් HDFC බැංකුව වෙත අහේතුක සහ අසාධාරණ ලෙස සීමා කිරීම් පැනවීම සහ මේ සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ මුදල් අමාත්‍යංශ නිලධාරීන් සහ මහ බැංකු අධිපති වෙතින් කරන ලද සියලු ඉල්ලීම් නොසලකා හරිමින්, HDFC බැංකුව අනතුරුදායක තත්වයකට පත් වීමට ඉඩ හරිමින් වගකිවයුතු බලධාරීන් කටයුතු කිරීමට එරෙහිව, HDFC බැංකු ප්‍රධාන කාර්යාලයේ සිට මුදල් අමාත්‍යාංශය දක්වා පාගමනින් ගොස් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා වෙත සංදේශයක් බාර දීම 2025.05 22 දහවල් 12.30ට සාර්ථකව සිදුකරන ලදී. මේ සඳහා HDFC බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ සියලු සේවක මණ්ඩලය සහ අනෙකුත් සහෝදර බැංකුවල නායක මට්ටමේ සහෝදරවරුන්ද සහභාගි විය. මෙහිදී රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සුසන්ත රණසිංහ මහාතා වෙත සංදේශය බාරදෙන ලද අතර ඉතා ඉක්මනින් මේ සඳහා මැදිහත් වීමේ අවශ්‍යතාවය අවධාරණය කරන ලදී. එලඹෙන සතිය තුලදී තවදුරටත් ක්‍රියාමාර්ග තීව්‍ර කිරීමට නියමිතය.



@ Ceylon Bank Employees Union.

Solution by TekGeeks