GALLERY


Our Events, Activities...


ලංකා බැංකු සේවක සංගමය සහ මර්චන්ට් බැංකු කළමනාකාරීත්වය අතර සාමූහික ගිවිසුම අත්සන් කිරීම

2025-2027 තෙවසරක කාලයට අදාල සාමූහික ගිවිසුම ලංකා බැංකු සේවක සංගමය සහ මර්චන්ට් බැංකු කළමනාකාරීත්වය අතර 2025.05.14 දින අත්සන් තැබූ බව සතුටින් දැනුම් දෙමු. දැඩි ආර්ථික අර්බුදකාරී තත්වය හමුවේ සේවක වැටුප් හා වැටුප් නොවන දීමනා සහ වරප්‍රසාදයන් රැසක් සහිත සාමූහික ගිවිසුම දිනාගැනීම ලංකා බැංකු සේවක සංගමය වටා ඒකරාශී වූ සමස්ත මර්චන්ට් බැංකු සාමාජිකත්වයේම ජයග්‍රහණයකි. සමස්ථ බැංකු පද්ධතියේත් , බැංකු සේවකයාගේත් ආරක්ශාව සහ රැකවරණය සඳහා වූ ලංකා බැංකු සේවක සංගමයේ අප්‍රතිහත ධෛර්යය සහ කැප කිරීම මත මෙම සාමූහික ගිවිසුම අත්සන් තැබීම හරහා අනෙකුත් බැංකුවල සාමුහික ගිවිසුම් සාකච්ඡා වෙතද සුභවාදී සලකුණක් එකතු කර ඇත.එමෙන්ම දෙපාර්ශවය අතර පවතින සේව්‍ය සේවක සබඳතාවයද අප සංගමය ලෙස ඉහළින් අගය කරමු. මේ අවස්ථාව සඳහා මර්චන්ට් බැංකුවේ ආයතනික කළමනාකාරීත්වය නියෝජනය කරමින් මර්චන්ට් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ධම්මික හපුහින්න මහතා , මානව සම්පත් අංශ ප්‍රධානී ගයාත්‍රි ද සිල්වා මහත්මිය , මානවසම්පත් ජේෂ්ඨ කළමනාකරු චාමර කොඩිකාර මහතා සහ ලංකා බැංකු සේවක සංගමය වෙනුවෙන් සභාපති චන්න දිසානායක සහෝදරයා, ලංකා බැංකු සේවක සංගමයේ ජේශ්ඨ උප සභාපති අනූප නන්දුල සහෝදරයා සහ මර්චන්ට් බැංකු ශාඛා සංගමය නියෝජනය කරමින් සභාපති ගයාන් වික්‍රමරත්න, ලේකම් නුවන් සොයිසා සහ විධායක කමිටු සාමාජික සහෝදර සහෝදරියන් සහභාගී විය. ලංකා බැංකු සේවක සංගමය 2025.05.14



@ Ceylon Bank Employees Union.

Solution by TekGeeks