UPDATE


HDFC බැංකු සාමූහික ගිවිසුම අත්සන් තැබේ.

2018-2020 වසරට අදාලව සාමූහික ගිවිසුමේ වැටුප් නොවන කොටසට අදාළ ගිවිසුම  ලංකා බැංකු සේවක සංගමය සහ HDFC කලමනාකාරීත්වය අතර 2020 ඔක්තෝබර් මස 06 දින අත්සන් තැබූ බව සතුටින් දැනුම් දෙමු.

මේ අනුව HDFC බැංකු සේවකයින්ගේ  නිවාස ණය , වෛද්‍යාධාර දීමනා ඇතුලු තවත් දීමනා රැසක්  වැඩිවේ.

කොවිඩ් වසංගත තත්වය හමුවේ මෙවන් සේවක වරප්‍රසාදයන් රැසක් සහිත සාමූහික ගිවිසුමක් දිනාගැනීම ලංකා බැංකු සේවක සංගමය වටා ඒකරාශී වූ සමස්ත HDFC බැංකු සාමාජිකත්වයේම ජයග්‍රහනයකි.

ලංකා බැංකු සේවක සංගමයද මේ මොහොතේ බැංකු වලින් ජනතාවට සිදුවිය යුතු යුතුකම් මෙන්ම සාමාජිකයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ද ඉතාමත් වගකීමෙන් යුතුව මැදිහත් වෙමින් සිටි.

බැංකු පද්ධතියේත් , බැංකු සේවකයාගේත් ආරක්ෂාව සඳහා ලංකා බැංකු සේවක සංගමයේ අප්‍රතිහත ධෛර්‍යය සහ කැප කිරීම මෙම සාමූහික ගිවිසුම අත්සන් තැබීම හරහා යලි යලිත් තහවුරු කර ඇත.


@ Ceylon Bank Employees Union.

Solution by TekGeeks