UPDATE


අවිධිමත් හා අත්තනෝමතික ලෙස ලංකා බැංකුවේ කළමනාකරුවන් මාරු කිරීමට එරෙහිව ලංකා බැංකු සේවක සංගමය සටන් මගට පිවිසෙයි.!

ලංකා බැංකුවේ සේවකයින්ට එම බැංකුව තුළ යහපත් මානසිකත්වයකින් යුක්තව සිය රාජකාරියේ යෙදවීමට නොහැකි වන පරිදි ලංකා බැංකු කළමනාකාරිත්වය කටයුතු කරමින් සිටි. එහිදී ගනුදෙනුකාර සේවාවන් පවත්වාගෙන යාමට යැයි පවසමින් බලපෑම එල්ල කරමින් සිය රාජකාරි නිසිපරිදි ඉටුකරන සේවකයින්ට බැංකුවේ පවතින චක්‍රලේඛයන් සහ පරිචයන් උල්ලංඝනය කරමින් හදිසි ස්ථානමාරු ලබාදීමට කළමනාකරිත්වය කටයුතු කර ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය බැංකුවක් වන ලංකා බැංකුව තුළ සිටින සේවකයින්ට සිය රාජකාරිය නිසිපරිදි ඉටුකිරීමට ඉඩප්‍රස්ථාව අහුරවමින් මෙලෙස අත්තනෝමතික ලෙස කටයුතු කිරීම තුළ මෙම බැංකුව තුළ පමණක් නොව සමස්ථ බැංකු පද්ධතියටම බරපතල වැරදි පූර්වාදර්ශයක් සපයා ඇත.

මේ අනුව කඳුරුවෙල, හිඟුරක්ගොඩ, පොළොන්නරුව නව නගරය හා අරලගංවිල ශාඛාවල කළමනාකරුවන් ඉතා අත්තනෝමතික ආකාරයෙන් ක්ෂණික ස්ථානමාරු කිරීමට විරෝධය දක්වමින් පොළොන්නරු දිස්ත්‍රික්කය තුළ වෘත්තීය සමිති ක්‍රියාමර්ග දියත් කරන බව සංගමය, කළමනාකාරිත්වය වෙත දැනුම් දී ඇත. ඒ ඇනුව  ඔක්තෝබර් මස 20,21 සහ 22 දිනයන්හි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වල නිරත විය.

 


@ Ceylon Bank Employees Union.

Solution by TekGeeks