UPDATE


1972 සැප්තැම්බර් මස 01 දින ආරම්භ කරන ලද එදා මෙදාතුර සංගම් ඉතිහාසයේ දින 108ක දීර්ඝතම ඓතිහාසික වැඩවර්ජනයට අඩසිය වසක් සපිරේ

අඩසිය වසක ස්මර්ණ ප්‍රණාමය ( 1972-2022)

1972 සැප්තැම්බර් මස 01 දින ආරම්භ කරන ලද එදා මෙදාතුර සංගම් ඉතිහාසයේ දින 108ක දීර්ඝතම ඓතිහාසික වැඩවර්ජනයට අඩසිය වසක් සපිරෙන මේ මොහොතේ එයට නායකත්වය සහ ක්‍රියාකාරී දායකත්වය ලබාදුන් දැනට ජීවතුන් අතර සිටින ගෞරවණීය ජ්‍යෙෂ්ඨ සහෘදයන්, ඔවුන්ගේ ආශ්වාදජනක අත්දැකීම් ස්මරණය කරමින් වත්මන් නායකත්ව මණ්ඩල සමග බෙදාහදා ගැනීමේ වැඩසටහනක් අද (08)වැනි දින කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

එහි ආරාධිත දේශනය පවත්වනු ලැබුයේ මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා විසිනි.

ලංකා බැංකු සේවක සංගමයේ ඉතිහාසය තුළ නොමැකෙන සේවයක් කල සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු මෙන්ම මව් සංගමයේ සභාපතිවරයෙකුව සිටි හා මහජන බැංකු ශාඛා සංගමයට සුවිශේෂී දායකත්වයක් දැක්වූ රුසිරුපාල තෙන්නකෝන් සහෝදරයා විසින් 1972 වැඩ වර්ජනයේ රසමුසු තැන් හා ඔහුගේ මහකය ස්මර්ණය කරමින් සමරු දේශනයක් ද , 1978 වර්ෂයේ මව් සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ඒ.ටී නවරත්න සහෝදරයා විසින් සමරු දේශනයක්ද පවත්වනු ලැබින.

මෙම වැඩසටහන සඳහා එදා 1972 දී එම වැඩ වර්ජනයට සහභාගි වූ හා එදා සංගමයට නායකත්වය දුන් දැනට ජීවතුන් අතර සිටින ක්‍රියකාරීන් බොහෝ දෙනෙකු සහභාගී වීම සුවිශේෂී විය.

පැමිණ සිටි සියලුම ක්‍රියාකාරී සහෝදරවරුන්ට අතීත මතකය ආවර්ජනය කෙරෙන සමරු තිලිණයක් පිරිනැමීම සිදු කරනු ලැබුවේ වර්තමාන නිලධාරි මණ්ඩලය විසිනි.

 

 

 


@ Ceylon Bank Employees Union.

Solution by TekGeeks