UPDATE


Commercial බැංකුවේ සාමූහික ගිවිසුම අත්සන් තැබේ.

2021-2023 තෙවසරක කාලයට අදාල සාමූහික ගිවිසුම ලංකා බැංකු සේවක සංගමය සහ කොමර්ෂල් බැංකු කළමනාකාරීත්වය අතර පසුගියදා (21) අත්සන් තැබූ බව සතුටින් දැනුම් දෙමු.

කොවිඩ් වසංගත තත්වය හමුවේ මෙවන් සේවක වරප්‍රසාදයන් රැසක් සහිත සාමූහික ගිවිසුමක් 2021 වසර ආරම්භයේදීම දිනාගැනීම ලංකා බැංකු සේවක සංගමය වටා ඒකරාශී වූ සමස්ත කොමර්ෂල් බැංකු සාමාජිකත්වයේම ජයග්‍රහණයකි.

සමස්ථ බැංකු පද්ධතියේත් , බැංකු සේවකයාගේත් ආරක්ශාව සහ රැකවරණය සඳහා වූ ලංකා බැංකු සේවක සංගමයේ අප්‍රතිහත ධෛර්යය සහ කැප කිරීම මත මෙම සාමූහික ගිවිසුම අත්සන් තැබීම හරහා අනෙකුත් බැංකුවල සාමුහික ගිවිසුම් සාකච්ඡා වෙතද 2021 වසර ආරම්භයේදීම සුභවාදී සලකුණක් එකතු කර ඇත.

මේ අවස්ථාව සඳහා කොමර්ෂල් බැංකුවේ ආයතනික කළමනාකාරීත්වය නියෝජනය කරමින් ප්‍රධාන විධායක නිලධාරී සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මානව සම්පත්) ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙක් සහ ලංකා බැංකු සේවක සංගමය වෙනුවෙන් සභාපති චන්න දිසානායක සහෝදරයා , ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක සහෝදරයා, කොමර්ෂල් බැංකු ශාඛා සංගමය නියෝජනය කරමින් සභාපති සහ ලේකම් සහෝදරවරු සහ ලංකා සේව්‍ය සම්මේලනය නියෝජනය කරමින්ද ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී විය.


@ Ceylon Bank Employees Union.

Solution by TekGeeks