UPDATE


වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තවදුරටත්.!

1996 වර්ෂයේ සිට බැංකු සේවකයින්ට අහිමි කරන ලද විශ්‍රාමය ඇතුළු දීර්ඝ කාලයක් තිස්සේ නොවිසදුණු ගැටලුවලට ගරු අග්‍රාමාත්‍යතුමා විසින් ලබාදෙන ලද නිශ්චිත විසඳුම් ක්‍රියාත්මක කිරීම පසෙක තබා මුදල් අමාත්‍යාංශය සහ බැංකු පාලකයින් කල් මැරීම හේතුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණවීමට සංගමයට සිදුවිය. ඒ අනුව,

• රාජ්‍ය බැංකුවල විශ්‍රාම වැටුප් ගැටලුව

• රාජ්‍ය බැංකුවලට බඳවා ගන්නා නවක සේවකයින්ගේ පුහුණු කොන්ත්‍රාත් කාලය මෙතෙක් පැවති පිළිගත් ක්‍රමවේදයට පටහැණිව වසර 2 කට වඩා දීර්ඝ කිරීම සහ

ලංකා බැංකුවට පූර්ණ අනුබද්ධිත MBSL බැංකුවේ පවතින බරපතල පරීපාලනමය අක්‍රමිකතා නිවැරදි නොකිරීම,

යන ගැටලුවලට ලබාදුන් විසඳුම් ක්‍රියාත්මක කරන ලෙසට බලකරමින් පළමුව පෝස්ටර් ව්‍යාපාරයක් ද, ඉන් අනතුරුව 2021-03-16, 17 සහ 18 තෙදින විරෝධතා ලාංඡන පැළඳ සේවයේ යෙදීමේ අවම ක්‍රියාමාර්ගයක් ද දියත් කරන ලදී. එයින් පසු 2021-03-18 වැනි දින සිට 2021-03-23 වැනි දින දක්වා මහජන බැංකුව, ලංකා බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව යන රාජ්‍ය බැංකු ප්‍රධාන කාර්යාල ඉදිරිපිට දී දහවල් කෑම පැයේ විරෝධතා පිකට් උද්ඝෝෂණ ඉතා සාර්ථකව ක්‍රියාත්මක කෙරින.

කෙසේ වෙතත් ආණ්ඩුවේ බලධාරීන් හෝ රාජ්‍ය බැංකු පාලනාධිකාරීන් මෙම ගැටලු විසඳීම සඳහා කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොදක්වා නෑසූ කන්ව සිටින බැවින් විධායක සභාවේ තීන්දුව පරිදි දැනට ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තවදුරටත් තීවුර කරමින් පළාත් මට්ටමින් පිකට් උද්ඝෝෂණ පැවැත්වීමටද සංගමය තීරණය කර ඇත.

ඒ අනුව අප්‍රේල් මස පළමු දින දකුණු සහ මධ්‍යම පළාතෙන් ආරම්භ කල උද්ඝෝෂණ අද (06) දින උතුරු මැද සහ ඌව පළාත කේන්ද්‍ර කර ගනිමින් අනුරාධපුර , පොළොන්නරුව සහ මොණරාගල යන නගර තුනෙහි දී ඉතා සාර්ථකව ක්‍රියාත්මක විය.

පසුගිය දිනවල මෙන්ම අදත් ඉතා උද්‍යෝගයෙන් යුක්තව උද්ඝෝෂණ සඳහා සියලු රාජ්‍ය බැංකු සේවකයින් කෑම පැයේදී එකතුවීම සුවිශේෂී ලක්ශණයක් විය.

එම පිකට් උද්ඝෝෂණවල විශේෂ අවස්ථා මෙලෙස ඔබ වෙත ඉදිරිපත් කරමු.


@ Ceylon Bank Employees Union.

Solution by TekGeeks