UPDATE


එක්සත්ව එක්සිත්ව අරගලය සවිමත් කරමු ! සහය දෙමු !

#හදවතේ_පළඳිමු

රාජ්‍ය බැංකු සාමූහික ගිවිසුම් අත්සන් කිරීම දිගින් දිගටම ප්‍රමාද කිරීමට එරෙහිව සංගමය මෙතෙක් ක්‍රියාත්මක කල මූලික වෘත්තීය ක්‍රියාමාර්ග තුල සාමූහික ගිවිසුම් අත්සන් කිරීමට බලධාරීන් කටයුතු නොකිරීම මත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට ලංකා බැංකු සේවක සංගමය තීරණය කොට ඇත.

ඒ අනුව,

2021.10.25 (හෙට) 26 හා 27 තෙදින තුල විරෝධතා ලාංඡන පැළඳ සියලු රාජ්‍ය බැංකු සේවකයින් සේවය කරනු ඇත.

සටන්කාමී සොයුරු සොයුරියනි .. !

සංගමය විසින් මෙතෙක් දියත් කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සාර්ථක කිරීමට ශක්තිය ලබාදුන් ඔබට හා අරගලයට විවිධ අයුරින් දායක වූ සියලු සේවක ප්‍රජාවට සංගමයේ ආචාරය පුද කරමු !

වගකිවයුතු බලධාරීනි !

රටත් , ආර්ථිකයත් , ජනතාවත් දිගින් දිගටම අර්බුදයේ නොහෙලා සාමුහික ගිවිසුම් ගැටලුවට වහා විසඳුම් ලබා දෙනු !

ලංකා බැංකු සේවක සංගමයට ජයවේවා !

අපගේ අරගලය දිනේවා !


@ Ceylon Bank Employees Union.

Solution by TekGeeks